சமகால அரசாங்கத்திற்கு நெருக்கடியை ஏற்படுத்தும் வகையில், அசாதாரண சூழ்நிலை ஒன்றை ஏற்படுத்தும் வகையிலான சூழ்ச்சி நடவடிக்கைகள் முன்னெடுக்கப்பட்டு வருவதாக தெரிவிக்கப்படுகிறது. புலனாய்வு பிரிவினை மேற்கோள் காட்டி கொழும்பு ஊடகம் ஒன்று இந்த தகவலை வெளியிட்டுள்ளது.
நாட்டில் அரசியல் மற்றும் பொருளாதார நிலையினை உறுதியற்றதாக்கும் நோக்கத்தில் சிவில் மோதல் நிலை ஒன்றினை நாட்டினுள் ஏற்படுத்துவதற்கு திட்டமிட்ட சூழ்ச்சி ஒன்று மேற்கொள்ளப்படுவதாக புலனாய்வு பிரிவு சுட்டிக்காட்டியுள்ளது.

ஜனாதிபதி மற்றும் பிரதமர் இது தொடர்பில் தீவிர கவனம் செலுத்தியுள்ளதாகவும், சூழ்ச்சியினை முறியடிக்கும் வகையிலான நடவடிக்கைகள் மேற்கொள்ளப்படவுள்ளதாக குறிப்பிடப்பட்டுள்ளது.
நாட்டிலுள்ள இனவாத மற்றும் மதவாத அமைப்புகளின் தலைவர்களுடன் தொடர்புப்பட்டுள்ள முன்னாள் ஆட்சியாளர்கள் சிலர் இந்த திட்டத்திற்கு கட்டம் கட்டமாக நடவடிக்கை மேற்கொண்டு வருகின்றனர்.
இந்த சூழ்ச்சித் திட்டத்திற்கு இங்குள்ள பிரபல வர்த்தகர்கள் சிலர் நிதி உதவிகளை வழங்கி வருகின்றனர். இந்நிலையில் சர்வதேச தொடர்பு வலையமைப்பு குறித்தும் தகவல் வெளியாகியுள்ளதாக புலனாய்வு பிரிவு சுட்டிக்காட்டியுள்ளது.
அதற்கமைய தேசிய மற்றும் மத ரீதியான கருத்துக்களுக்கு முன்னுரிமை வழங்கி, நாட்டில் மோதல் நிலையை ஏற்படுத்த முயற்சிக்கப்படுகிறது. இதன்மூலம் தற்போதைய தேசிய அரசாங்கம் எதிர்பார்க்கும் அரசியல் மற்றும் பொருளாதார புனரமைப்புகளை உடைத்து, அரசாங்கத்தை கொண்டு நடத்த ஜனாதிபதி மற்றும் பிரதமர் இயலாதவர்கள் என மக்கள் முன் உறுதிபடுத்துவது இதன் முக்கிய நோக்கமாகும்.
எதிர்வரும் 2020ஆம் ஆண்டு ஜனாதிபதி தேர்தல் மற்றும் பொதுத் தேர்தலில் அதிகாரத்தை கைப்பற்ற சில தரப்பினரால் முன்னெடுக்கும் வேலைத்திட்டத்தின் பிரதான செயற்பாடே நாட்டை இவ்வாறு நிலையற்ற தன்மையாக்குவதாகும்.
அத்துடன் அரசாங்கத்திற்கு எதிராக தொடர்ந்து ஊழல் மோசடி குற்றச்சாட்டுகளை சுமத்துவதற்கும், அதற்கு பாரிய ஊடக பிரச்சாரம் வழங்குவதோடு அதன் ஊடாக அரசாங்கத்திற்கு நிலையற்ற தன்மையை ஏற்படுத்த திட்டமிடப்பட்டுள்ளது. கடந்த காலங்களில் இடம்பெற்ற மத்திய வங்கி முறி சம்பவத்தின் செயற்பாடுகள் ஊடாக இது உறுதியாகியுள்ளமையினால் எதிர்வரும் நாட்களில் அடிப்படையற்ற குற்றச்சாட்டுகள் பலவற்றை உருவாக்குவதற்கான நடவடிக்கைகள் தற்போது ஆரம்பிக்கப்பட்டுள்ளன.
எப்படியிருப்பினும் தற்போதைய அரசாங்கத்தில் உள்ள ஊழல், மோசடி அமைச்சர்கள் சிலரின் செயற்பாடுகள் சூழ்ச்சியாளர்களுக்கு பெரிய அளவில் சாதகமாகியுள்ளதாக தெரிவிக்கப்படுகின்றது.
இதேவேளை சிங்கள, முஸ்லிம் மக்களிடையே மோதலை அதிகரிப்பதற்கு சமூக உணர்வுகளை நிர்மாணிப்பதற்காக தற்போது எதிர்கட்சி அரசியல்வாதிகள் பலர் செயற்படுகின்றனர்.
அண்மையில் முஸ்லிம் திருமண சட்டம் தொடர்பில் அரசாங்கம் மேற்கொண்டு தீர்மானத்திற்கு எதிராக தவுபிக் ஜமாத் என்ற இஸ்லாம் இனவாத அமைப்பு ஊடாக எதிர்ப்பை ஏற்படுத்துவதற்கு அதற்கு பாரிய ஊடக பிரச்சாரம் ஒன்றை வழங்குவது மற்றும் அதற்கு எதிராக சிங்கள இனவாதிகள் பிரிவினை தூண்டிவிடுவதற்கான நடவடிக்கைகளும் மேற்கொள்ளப்படுவதாக தெரியவந்துள்ளது.
அங்கவீனமுற்ற இராணுவத்தினரை வைத்து ஜனாதிபதி செயலகத்தை சுற்றி வளைத்தல், வடக்கில் பதற்றமான சூழ்நிலை ஒன்றை ஏற்படுத்தல், ஆகியவை இதற்கமைய மேற்கொள்ளப்பட்டதென புலனாய்வு பிரிவு சுட்டிக்காட்டியுள்ளது.
விசேடமாக கடந்த ஆட்சியின் போது முஸ்லிம்களுக்கு எதிராக வன்முறை சம்பவங்களை மேற்கொண்ட பொதுபல சேனா, சிங்கள ராவய, ராவண பலய, மற்றும் தற்போது உருவாகியுள்ள மேலும் பல அவ்வாறான அமைப்புகள் சிலவற்றின் ஊடாக முஸ்லிம் எதிர்ப்புகளை பாரிய அளவில் ஏற்படுத்தும் நடவடிக்கை ஒன்று வெகு விரைவில் மேற்கொள்ளப்படும் என புலனாய்வு பிரிவினால் சுட்டிக்காட்டப்பட்டுள்ளது.
முஸ்லிம்களுக்கு எதிராக வன்முறை செயற்பாடுகளை மேற்கொள்வதன் ஊடாக ஒற்றுமையாக இருக்கும் முஸ்லிம் மக்களுக்குள் மோதல் நிலைமை ஏற்படுத்துவது பிரதான நோக்கமாகும்
எனினும் தற்போது முஸ்லிம் மக்களுக்கு இடையில் இந்த இனவாத செயற்பாட்டிற்கு எதிராக குரல் கொடுப்பது குறித்த முயற்சியை வலுவிலக்க செய்துள்ள போதிலும் தொடர்ந்து முஸ்லிம் எதிர்ப்பை தூண்டி விடுவதன் ஒரு பகுதியாக அல்லது மோதல் நிலைமை ஏற்படுத்துவது இந்த குழுவின் முயற்சியாகும்.
எதிர்வரும் பொது தேர்தலுக்கு அண்மிக்க காலப்பகுதியில் சிங்களம், முஸ்லிம், தமிழ் மோதலை நாட்டிற்கு நிர்மாணித்து நாட்டை குழப்பத்திற்கேற்படுத்தி வேற்று இனத்தவர்கள் தீவிரவாதிகள், அவர்களை கட்டுப்படுத்த வேண்டும், சிங்கள பௌத்த தலைவருக்கு நாட்டை ஒப்படைக்க வேண்டும் என ஒரு நிலைப்பாட்டினை நிர்மாணிப்பது இங்கு இறுதிய நோக்கமாகியுள்ளதென புலனாய்வு பிரிவு அறிக்கையில் சுட்டிக்காட்டப்பட்டுள்ளதாக ஊடகம் மேலும் தகவல் வெளியிட்டுள்ளது.
රට දේශපාලනිකව හා ආර්ථික වශයෙන් අස්ථාවර කිරීම අරමුණු කර ගත් වර්ගවාදී සිවිල් ගැටුම්කාරිත්වයක් රට තුළ ඇති කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව යුධ හමුදා බුද්ධි අංශය විසින් හෙළිදරව් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙසේ හෙළිදරව් වී තිබෙන තොරතුරු වල බරපතළකම හේතුවෙන් ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද මේ සම්බන්ධයෙන් තැතිගැන්මකට ලක්ව ඇති බව ද ඒ අනුව නුදුරේම මෙම තත්ත්වය වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම සිදුවනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.
මෙරට සිටින ජාතිවාදී හා ආගම්වාදී සංවිධාන නායකයන් හා සම්බන්ධ රාජපක්ෂවාදී දේශපාලන නායකයන් කිහිපදෙනකු මෙම සැලසුම මේ වන විටත් පියවරෙන් පියවර ක්‍රියාවට නගමින් සිටින බවත් අනාවරණය වී තිබේ. එමෙන්ම මෙරට සිටින ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිපදෙනකු ද මෙම කුමන්ත්‍රණකාරී සැලසුම වෙනුවෙන් මූල්‍යමය සහාය දක්වන බව ද හෙළි වී ඇති අතර ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් ගැන ද තොරතුරු හෙළි වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජාතිකත්ව සහ ආගමික මතවාද මූලික කර ගත් ගැටුම් රට පුරා ඇතිකර වත්මන් සම්මුතික ආණ්ඩුව අපේක්ෂා කරන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කර රාජ්‍ය පාලනයෙහි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අසමත් බව සමාජය තුළ තහවුරු කිරීම මෙහි මූලිකම අරමුණ වී ඇත. ඉදිරි 2020 ජනාධිපතිවරණය හා මහ මැතිවරණයේ දී බලය අත්පත් කර ගැනීම සඳහා රාජපක්ෂවාදීන් ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රධානතම මෙහෙයුම වී ඇත්තේ මෙලෙස රට අරාජික කිරීමය. එමෙන්ම ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම දූෂණ වංචා චෝදනා එල්ල කිරීම ද ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයන් ලබා දීම මඟින් ආණ්ඩුව අස්ථාවර කළ හැකි බව පසුගිය කාලයේ සිදු වූ බැඳුම්කර සිදුවීමට අදාළව වූ ක්‍රියාවලිය මඟින් තහවුරු වීම නිසා ඉදිරියේ දී පදනම් විරහිත චෝදනා රැසක් ද නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කෙරී ඇත. කෙසේ නමුත් වත්මන් ආණ්ඩුවේ සිටින දූෂිත ඇමැතිවරු කිහිප පොළකගේ ක්‍රියාකාරිත්වය රාජපක්ෂවාදීන්ට මහත් රුකුලක්ව ඇති බව ද පැවසේ.
මේ අතර සිංහල මුස්ලිම් ගැටුමක් වර්ධනය කිරීම සඳහා සමාජ මනෝභාවයන් නිර්මාණය කිරීම මේ වන විටත් විපක්ෂයේ දේශපාලකයන් කිහිප දෙනෙකුම ක්‍රියා කරමින් තිබේ. පසුගිය දා මුස්ලිම් විවාහ නීතිය වත්මන් ශිෂ්ට සම්පන්න සමාජ භාවිතයට ගැළපෙන සේ වෙනස් කිරීම සඳහා ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව තවුෆික් ජමාත් නම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් මඟින් විරෝධතාවක් මතු කිරීමත් ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීම හා ඊට එරෙහිව සිංහල ජාතිවාදී කොටස් උසි ගැන්වීම ද සැලසුම්සහගතව සිදු කර තිබෙන බව ද අනාවරණය වී ඇත. ආබාධිත සෙබළුන් ලවා ජනාධිපති කාර්යාලය වැටලීම, උතුරේ කලබලකාරී වතාවරණයක් ඇති කිරීම, ආදිය ද මෙම මෙහෙයුමට අනුව සිදු වූවක් බවටත් තොරතුරු හෙළිව ඇත.
විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කළ බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය, හා මේ වන විට නිර්මාණය කර තිබෙන එවැනිම තවත් සංවිධාන කිහිපයක් හරහා මුස්ලිම් විරෝධය බරපතළ ලෙස මතු කිරීම නුදුරේදීම සිදුවිය හැකි බව ද බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදු කිරීම මඟින් සාමකාමී මුස්ලිම් ජනතාව ද ගැටුමකට පොලඹවා ගැනීම මූලික අරමුණක්ව ඇත. නමුත් මේ වන විට මුස්ලිම් ජනතාව අතරින් ද මෙම ආගම්වාදී ව්‍යාපාරයන්ට එරෙහිව හඬක් නැඟීම මෙම උත්සාහය අඩපණ කිරීමට සමත්ව තිබුණ ද දිගින් දිගටම මුස්ලිම් විරෝධය ඇවිල වීම මඟින් කෙසේ හෝ ගැටුකාරිත්වයක් අවුළුවා ගැනීම මෙම කණ්ඩායම් හී උත්සාහය වී තිබේ. විශේෂයෙන්ම ඉදිරි මහ මැතිවරණය ආසන්න කාලය වන විට සිංහල-මුස්ලිම්, සිංහල-දෙමළ ගැටුමක් රට තුළ නිර්මණය කර රට අරාජිකත්වයට පත් කර අන් ජාතිකත්වයන් ත්‍රස්තවාදීන්ය, ඔවුන්ව මර්දනය කළ යුතුය, සිංහල බෞද්ධ නායකත්වයකට රට බාර දිය යුතු බවට වන මතයක් නිර්මාණය කිරීම මෙහි අවසන් අරමුණ ව තිබෙන බව මෙම බුද්ධි අංශ වාර්තා පෙන්වා දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
එමෙන්ම මෙරට තුළ අයි. එස්. අයි. එස් ත්‍රස්තයන් ද සිටින බවට තොරතුරු ප්‍රචාරය වූ අතර පසුගිය සිකුරාදා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පවුල් 4ට අයත් පුද්ගලයන් 32 ක් සිරියාව බලා ගොස් අයි.එස් ත්‍රස්ත සංවිධානයට එකතු වී ඇති බවට තොරතුරු ඇති බවය. කෙසේ නමුත් මෙම හෙළිදරව් කිරීම ද සිංහල ජාතිවාදීන් උසි ගැන්වීමට හේතුවක් විය හැකි අතර එම සංවිධාන සාමාජිකයන් මෙරට තුළ ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතුව ඇත.
මෙරට සිංහල මුස්ලිම් ජනවර්ග අතර මීට වසර සියයකට පෙර එනම් 1915 දී ඇති වූ කෝලහලයෙන් පසුව බරපතළ ගැටුම්කාරිත්වයක් නොපැවතිණි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසුව රාජපක්ෂ පාලන සමයේ දී සිංහල-මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ගත් උත්සාහය එම ජාතිවාදී සහ ආගම්වාදී කොටස්වලට අවශ්‍ය ජනතා සහයෝගය නොලැබී යාම මත ව්‍යර්ත වූ නමුදු මේ වන විට වඩාත් සංවිධානාත්මකව සාමාන්‍ය ජනතාව තුළ එකිනෙකා කෙරෙහි වෛරය ඇති කරවීම සඳහා මතවාද මෙහෙයුමක් දියත් කර ඇත.
මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ද පූර්ණ දැනුම්වත්භාවයක සිටින බව ද ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ අනුව ජාතිය හා ආගම පදනම් කරගෙන අන්තවාදී ලෙස ක්‍රියා කරන සියලු දෙනා තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගන්නැයි ජනාධිපතිවරයා හා අගමැතිවරයා පොලීසියට උපදෙස් දී ඇත. පසුගිය දා පොළොන්නරුවේ සිංහල අන්තවාදියකුත් තවුෆික් ජමාත් සංවිධානයේ අන්තවාදියකුත් අත්අඩංගුවට ගත්තේ ඒ අනුව බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
එසේම නුදුරේම මෙම ජාතිවාදී කොටස්වල ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම සඳහා නෛතිකමය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට ද නියමිතය. ඒ අනුව ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව නව පනතක් ගෙන ඒමට ද මේ වන විටත් සූදානමක් ඇති බවත් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික පනත අනුව යමින් මෙම කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව පැමිණිලි ගොනු කර නීතිය ක්‍රියාත්මක කිරීමට ද තීන්දු කර තිබේ
සුභාෂ් ජයවර්ධන